1. Home
  2. »
  3. Uncategorized
  4. »
  5. මුදල් නම් භාෂාව

මුදල් නම් භාෂාව

Post Archive

සාර්ථක වෙන්න නම් මිනිස්සු  “මුදල්” කියන “භාෂාව” ඉගෙන ගන්න ඕන..

ටිකක් තේරෙනවා මදි වගේද ? ඉක්මනින් තේරුම් ගමු.

වංචාවන් – නැත්නම්  Scams වලට වැඩියෙන්ම අහුවෙන්නේ “තමන් ගැන හිතන්නේ නෑ” කියන කොන්දේසිය දාගෙන ඉන්න මිනිස්සු. ඇත්තෙන්ම මේ “හොඳ පාසලකට යන්න” කියල අපට නිතර ඇහෙන්නේ  ඒ වගේම පුංචි Scam එකක් කියල ඔයාල දන්නවද ? මොනවද අපිට ඇත්තටම අවශ්‍ය ?? අපිට අවශ්‍ය සාර්ථක වෙන්න.. අපිට අවශ්‍ය මුදල් හොයන්න.. ඒ වගේම ලස්සන ජීවිතයක් ගත කරන්න.. එහෙම නේද ? ඉතින් මෙහෙම පාසල හරහා නවෝත්පාදනය , ව්‍යවසායකත්වය , ආයෝජකයෙක් වෙන්නේ කොහොමද වගේ දේවල් අපිට උගන්නන්නේ නැතුව ඒ වෙනුවට ජීවිත කාලෙම කාගෙන් හරි යැපෙන විදිය තමයි කියල දෙන්නේ. ඒකයි මේ ඉස්කෝලේ ගිහින් ඉවර වුන ගමන් හැමෝම රස්සාවල් හොයන්නේ. ඒ වගේම කවදාවත් ඒ රස්සාවෙන් එලියට එන්න බලන්නේ නැතුව හැමදාම තමන්ගේ salary එක නැත්නම් පඩිපත එනකන් බලන් ඉන්නේ.. බොහොම ටික දෙනෙක් තමයි මේ Rat Race  එකෙන් ගැලවිලා තමන්ගේ ජීවිතේ සුන්දරත්වය විඳින්නේ..

අපි හැමෝම මතක තියා ගන්න ඕන දේ තමයි සාර්ථක වෙන්න නම් අපි “මුදල් කියන භාෂාව” ඉගෙන ගන්න  ඕන කියන එක..  ඒක ඉගෙන ගන්න අපිට මුල්‍ය අධ්‍යාපනය ලැබෙන්න ඕන. අන්න ඒ නිසයි DreamMakers Foundation  “මුල්‍ය සාක්ෂරතාව” කියන කුලුදුල් ව්‍යාපෘතිය දියත් කරේ. ලක්ෂ ගානකට මේ දැනුම ගිහින් ඉවරයි දැනටමත්. නමුත් තවමත් දන්නේ නැති අයත් ගොඩක් ඉන්නවා.

මේ විෂය ඉගෙන ගන්න මිනිස්සු දන්නෙම නැතුව අලුත්ම ලෝකෙක දොරගුළු විවර කර ගන්නවා. ඒ ලෝකේ අපේම කොන්දේසි එක්ක සාර්ථක වෙන්න පුළුවන් ලෝකයක්.. අවාසනාවකට පාසල් පද්ධතිය ඒ විෂය උගන්වන්නේ නෑ..

රහසක් කියන්නද ? කිසිම රජයක් කැමති නෑ ජනතාව මුදල් ගැන ඉගෙන ගන්නවට..

මේ ව්‍යාපෘතියෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ ? මුලින්ම ඔයා මුලික කරුණු ඉගෙන ගන්නවා. ඒ කියන්නේ පුරුදු ඇති කරගන්නේ කොහොමද.. මිනිස්සු දිනා ගන්නේ කොහොමද ? මුදල් කියන්නේ මොනවද ? වගේ දේවල්..

උසස් අධ්‍යාපනය ඉතා හොඳ මට්ටමක තියන රටක් උනත් තවමත් ඒ පද්ධතිය උගුලක් කියන එක අමතක කරන්න එපා. සම්ප්‍රදාය අතහරින එක අපිට කොහොමත් අමාරුයි නේ රටක් විදියට. අපි කොහොමත් තියන දේම හොදයි කියන මිනිස්සුනේ.. එත් පරක්කු වෙන්නේ නැතුව මේ මුල්‍ය අධ්‍යාපනය කියන දේ ඔලුවට දා ගන්න අමතක කරන්න එපා. නැත්තම් ඔයා කොච්චර සල්ලි හම්බ කරත් අන්තිමේ වැඩක් නැති වෙනවා.

මොකද නිසි මුල්‍ය බුද්ධියෙන් තොර මුදල් බොහෝ ඉක්මනින් නැති වෙලා යනවා.

Aravinda Muthukumarage

The #1 Bestselling Author

Share this article

One Response

  1. Very useful! Now the real challange eka..kohamada me dewal igana gattha aya, eka practically karanawa da kiyana eka thahawuru kara ganne.

    What mechanism is there?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

  • Home
  • Buy Books
  • eBooks
  • Blog
  • About Us
  • Contact Us