This exclusive book bundle includes five transformative titles to enhance your personal and financial growth:
රු2,990.00
ශ්‍රී ලාංකිකයන් සඳහාම සකස් කර ඇති අපගේ සුවිශේෂී මූල්‍ය සාක්ෂරතා පොත් කට්ටලය – පළමු අදියර තුලින් මුල්‍ය සවිබල ගැන්වීමේ ලෝකයට පිවිසෙන්න. ඔබ පුද්ගලික මූල්‍යකරණය ප්‍රගුණ කිරීමට , ආයෝජනය අවබෝධ කර ගැනීමට හෝ බැංකුකරණයේ සංකීර්ණතා තුල සැරිසැරීමට අපේක්ෂා කරන්නේ නම් මේ ඒ සඳහා මෙරට තුල ඇති උසස්ම සහ ප්‍රයෝගිකම මාර්ගයයි. කෙටි කාලයක් තුල – අවම මුදලක් වියදම් කරමින් ලොව පුරා දැනුම කඩිනමින් සහ ප්‍රායෝගික ලෙස දෙන DreamMakers Foundation පොත් කට්ටලය ඔබේ බොහෝ ගැටළු සඳහා විසඳුම වනු ඇත. අදම කෙටි ගවේෂණයක් තුලින් මුල්‍ය ස්වාධීනත්වය කරා ඔබේ ගමන ආරම්භ කරන්න.
නිසුන් සමඟ ගනුදෙනු කරනා විට, අප තර්කානුකුල ජීවින් සමඟ ගනුදෙනු නොකරන බව මතක තබා ගනිමු. අප කටයුතු කරන්නේ හැගීම් දැනීම් ඇති, අගතියෙන් මිරිකී සිටින, උඩඟකමින් පිරි ජීවින් සමඟයි.පෞද්ගලිකව මම ස්ට්‍රෝබෙරි සහ අයිස්ක්‍රීම් වලට බෙහෙවින් ප්‍රිය කරමි. නමුත් කිසියම් අමුතු හේතුවක් නිසා මාළුවන් පණුවන්ට වැඩි කැමැත්තක් දක්වන බව මට පෙනී ගියේය. ඒ නිසා මම මාළු අල්ලන්න ගියාම, මට අවශ්‍ය දේ ගැන හිතුවේ නෑ… මම හිතුව එයාලට ඕන දේ ගැන…
ඒ හින්ද ස්ට්‍රෝබෙරි සහ අයිස්ක්‍රීම් වලින් ඇමක් දමනවා වෙනුවට මම මාළුන් ඉදිරිපිට පනුවෙකු හෝ පළගැටියෙකු එල්ලා මාළුන්ගෙන් ඇසුවා…
ඔබ මෙය ලබා ගැනීමට කැමති නැද්ද ?
මතක තබා ගන්න.. ව්‍යාපාර , රැකියා , ආයෝජන හෝ මොනයම් කටයුත්තකදී වුවද අපට ගනුදෙනු කිරීමට සිදුවන්නේ මිනිසුන් සමගය. ඉතින් ඔවුන් ගැන ඉගෙන ගන්න…
ඔබ මැනිය හැකි ඉලක්ක තබා ගන්නා සෑම විටකදීම ඔබ පටු දෘෂ්ඨියකින් ජීවන ක්‍රීඩාවේ යෙදෙන අතර එය ඔබට නම්‍යශීලී වීමට ඉඩ නොදේ. එලෙස ඔබ සාක්ෂාත් කර ගන්නා ඉලක්ක ඇතැම් විට ඔබට හානිකර ද විය හැක. හිතන්න ඔබේ ජීවිතයේ එකම අරමුණ නිවසක් සෑදීම කියලා. එය හොද ඉලක්කයක්. මොකද මට තමන්ගේ මුළු හීනෙම ත්‍රී රෝද රථයක් මිලදී ගැනීම බව ඇතැමුන් කියල තියනවා. නමුත් ඔබ නිවසක් සෑදීම යන අරමුණේදී එයට දින 364 ක් ගත වෙනවා යැයි අපි උපකල්පනය කළහොත් ඔබ 365 වන දිනයේදී කරන්නේ කුමක්ද ? ඔබ කිසි අරමුණක් නැති මිනිහෙක්. හොදින් සොයා බලන්න. ඉලක්කයක් කරා ළඟා වූ පසු මිනිසුන් බොහෝ විට නරක පුරුදුවලට වැටෙන්නේ එබැවිනි. මන්ද ඔවුන්ට එතනින් එහා ඉලක්කයක් නොමැති බැවිනි. මුදල්… මුදල් වලින් පසු බලය… බලය අත්පත් කරගත් පසු කුමක්ද? අද කිලෝ 100 ක් ඔසවනවා යන්න වෙනුවට තමන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වෙනවා යන්න සිතන්න. මිලියනයක් හොයනවා යන ඉලක්කය අතහැර ස්ථාවර දිවිපෙවතක් ගතකරනවා යන්න සිතන්න. ඒ වෙනුවෙන් සිහින දකින්න.
බොහෝ අය ඕනෑවට වඩා අවධානය යොමු කරන්නේ මුදල් කෙරෙහි මිස ඔවුන්ගේ ලොකුම ධනය වන දැනුම හෙවත් ඔවුන්ගේ මුදල් උත්පාදනය කිරීමේ ක්‍රම කෙරෙහි නොවන බව දැන මම කනස්සල්ලට පත්ව සිටිමි. මිනිසුන් නම්‍යශීලී වීමට, විවෘත මනසක් තබාගෙන ඉගෙනීමට සුදානම් නම්, ඔවුන් නිසැක වශයෙන්ම තම වෙනස්කම් හරහා පොහොසත් වනු ඇත. සල්ලි ප්‍රශ්න විසඳයි කියල මිනිස්සු හිතනවා නම් මට බයයි. මොකද ඒ මිනිස්සුන්ට සෑහෙන්න වැරදිලා. ඔබේ බුද්ධිය තමයි ගැටළු විසඳලා මුදල් නිෂ්පාදනය කරන්නේ.. නිසි මුල්‍ය බුද්ධියෙන් තොර මුදල් බොහෝ ඉක්මනින් නැති වී යයි.
ඔබට අන් අයගේ ගෞරවයට සහ ප්‍රශංසාවට ලක් වීමට සියුම් හෝ ආශාවක් ඇත. කිසිවෙකුට ‘නෑ එක එහෙම නෙමෙයි’ කිව නොහැකිය. නමුත් මේ පොත ඔබට උගන්වන්නේ එලෙස අන් අයගේ ගෞරවයට සහ ප්‍රශංසාවට ලක් වීමට ඔබ විසිතුරු භාණ්ඩ මිලදී ගනිමින් නිතර මුදල් වියදම් කිරීමට වඩා නිහතමානීකම , කරුණාව සහ ආදරය ප්‍රගුණ කල යුතු බවයි. ලොව ඉදිරියේදී බිහිවන වැඩිම අශ්වබල ශක්තියක් ඇති මෝටර් රථයට වඩා අසීමිත බලයකින් එය ඔබට ගෞරවය සහ ප්‍රශංසාව අත් කර දෙයි. වෙනත් වචන වලින් කිවහොත්, අප ධනවත් බවත්, මිනිසුන් අපව අගය කල යුතු බවත් අප සංඥා කර හගවන විට, ඇත්ත වශයෙන්ම සිදු වන්නේ වස්තුව සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයා නොසලකා හැර මිනිසුන් ඔහු සතු දෙයට පමණක් ඊර්ෂ්‍යාවේ අවදානය යොමු කිරීමයි.
මිනිසුන් සිතන්නේ මුදල් ඉපයීමට වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් සහ තමන් පොහොසත් බව සමාජයට දිස්වන මිලදී ගැනීම් කිරීමෙන් තමන්ට ධනවත් විය හැකි බවයි. නමුත් එය සැබෑවක් නොවන අතර එය ඔබව වෙහෙසට පත් කරයි. සැබෑ සාර්ථකත්වයේ නැවුම් වාතය ආශ්වාස කිරීමට ඇති එකම මාර්ගය මුල්‍ය සාක්ෂරතාවය නම් විෂය තුල කර ගැනීමයි. 21 වන ශතවර්ශයේ සාක්ෂරතාවය අතින් ඉදිරියෙන් සිටියද “මුලය සාක්ෂරතාවය” අතින් සිටින්නේ ඉතාමත් පහත් මට්ටමකය. එය ඉගෙනීම යුගයේ අවශ්‍යතාවයක් වන අතර, විශ්වාසයෙන් තම සිහින ඔස්සේ ඉදිරියටම ගමන් කලහොත් ඔවුන් බලාපොරොත්තු වන සුවදායක ජීවිතය ඔවුනට අත්වනු නොඅනුමානය. ඔබ වැඩි වැඩියෙන් පැය ගණනක් වැඩ කරන්නේ කිසිදු ප්‍රතිඵලයක් නොමැතිවද? එසේනම් මොහොතකට නතර වන්න. යම් තැනක වරදක් තිබිය යුතුමයි. අපි කතා කරමු..
Our exclusive financial literacy book set tailored for Sri Lankans – embark on the journey to financial empowerment with the first phase. Whether you aim to master personal finance, understand investments, or navigate the complexities of banking, this is the highest and most practical path available in the country. In a short time and with minimal cost, the DreamMakers Foundation book set will provide quick and practical knowledge from around the world, solving many of your problems. Start your journey to financial independence with a quick exploration today.
When dealing with people, remember that we are not dealing with creatures of logic. We are dealing with creatures of emotion, creatures bristling with prejudices and motivated by pride and vanity. Personally, I am very fond of strawberries and cream, but I have found that for some strange reason, fish prefer worms. So when I went fishing, I didn’t think about what I wanted. I thought about what they wanted.
Therefore, instead of baiting with strawberries and cream, I dangled a worm or a grasshopper in front of the fish and asked, ‘Do you want this?’
Remember, whether it is business, a job, investments, or any activity, we are dealing with people. Learn about them.
When you set measurable goals, you are playing the game of life with a narrow perspective, which does not allow you to be flexible. The goals you achieve may sometimes be harmful to you. Imagine if your only goal in life was to build a house. That is a good goal. Some people might say their entire dream is to buy a tricycle. But if we hypothesize that it takes 364 days to achieve the goal of building a house, what will you do on the 365th day? You will be a person without a goal.
Think carefully. People often fall into bad habits after achieving a goal because they do not have a goal beyond that. Money… After money, power… After achieving power, what next? Instead of lifting 100 kilograms today, think about becoming a healthy person. Instead of the goal of earning a million, think about living a stable life. Dream of that instead.
I have realized that many people focus more on money than on the greatest wealth they have, which is knowledge and the methods of generating money. If people are willing to be flexible, keep an open mind, and learn, they will surely prosper through their transformations. If people think money solves problems, I am afraid they are greatly mistaken. Your intellect solves problems and generates money. Money without proper financial intelligence is quickly lost.
You may have a subtle or even significant desire for others’ respect and admiration. No one can say, ‘No, that’s not true.’ But this book teaches you that instead of constantly spending money on luxury items to gain others’ respect and admiration, you should cultivate humility, compassion, and love. These will give you limitless power and respect far more than the highest horsepower motor car that will be produced in the future.
In other words, when we signal our wealth and that people should value us, what actually happens is that people ignore the person who owns the item and instead direct their envy towards the item itself.
People think that by working hard to earn money and making purchases that show their wealth to society, they can become wealthy. But this is not true, and it will tire you out. The only way to breathe the fresh air of true success is through financial literacy. While we are ahead in literacy in the 21st century, we are very low in ‘financial literacy.’ It is a necessity of the learning era, and if you confidently move forward through your dreams, the fulfilling life you hope for will undoubtedly come to you.
Are you working more and more hours with no results? Then stop for a moment. There must be something wrong somewhere. Let’s talk.
Empowering Sri Lanka with essential financial literacy and education since 2018, fostering a financially smart generation.