Sale!

FINANCIAL LITERACY BOOK BUNDLE

This exclusive book bundle includes five powerful titles to boost your financial and personal growth books

  • The Power of Passive Income – Learn how to generate income with minimal effort, freeing up your time for what truly matters.
  • Think and Grow Rich – Part 01 – Discover the power of your thoughts and how they can lead to financial success.
  • Think and Grow Rich – Part 02 – Understand how coordinated efforts and mindset can transform your ambitions into reality.
  • The Millionaire Fastlane – Learn the mindset and strategies to quickly achieve financial freedom.
  • Young Money Book – Master financial literacy and control your finances for long-term success.
  • How to Win Friends & Influence People – Master the art of communication and build lasting relationships.
  • Atomic Habits – Develop small habits that lead to significant life changes.
  • Rich Dad Poor Dad – Understand the principles of wealth building and financial freedom.
  • The Psychology of Money – Explore behaviors and attitudes that shape financial success.
  • The Cashflow Quadrants – Learn different ways to achieve financial independence.

 

SKU BOOKBUND Categories , Tag

Original price was: රු5,980.00.Current price is: රු5,000.00.

Product Quantity

Financial Literacy Book Set 1

This exclusive book bundle includes five transformative titles to enhance your personal and financial growth:

  • How to Win Friends & Influence People - Master the art of communication and build lasting relationships.
  • Atomic Habits - Develop small habits that lead to significant life changes.
  • Rich Dad Poor Dad - Understand the principles of wealth building and financial freedom.
  • The Psychology of Money - Explore behaviors and attitudes that shape financial success.
  • The Cashflow Quadrants - Learn different ways to achieve financial independence.

Financial Literacy Book Set 2

This exclusive book bundle includes five powerful titles to boost your financial and personal growth:

  • The Power of Passive Income - Learn how to generate income with minimal effort, freeing up your time for what truly matters.
  • Think and Grow Rich - Part 01 - Discover the power of your thoughts and how they can lead to financial success.
  • Think and Grow Rich - Part 02 - Understand how coordinated efforts and mindset can transform your ambitions into reality.
  • The Millionaire Fastlane - Learn the mindset and strategies to quickly achieve financial freedom.
  • Young Money Book - Master financial literacy and control your finances for long-term success.
Buy Now
Button with Icon
Button with Icon

FINANCIAL LITERACY BOOK BUNDLE

ශ්‍රී ලාංකිකයන් සඳහාම සකස් කර ඇති අපගේ සුවිශේෂී මූල්‍ය සාක්ෂරතා පොත් කට්ටලය – පළමු අදියර තුලින් මුල්‍ය සවිබල ගැන්වීමේ ලෝකයට පිවිසෙන්න. ඔබ පුද්ගලික මූල්‍යකරණය ප්‍රගුණ කිරීමට , ආයෝජනය අවබෝධ කර ගැනීමට හෝ බැංකුකරණයේ සංකීර්ණතා තුල සැරිසැරීමට අපේක්ෂා කරන්නේ නම් මේ ඒ සඳහා මෙරට තුල ඇති උසස්ම සහ ප්‍රයෝගිකම මාර්ගයයි. කෙටි කාලයක් තුල – අවම මුදලක් වියදම් කරමින් ලොව පුරා දැනුම කඩිනමින් සහ ප්‍රායෝගික ලෙස දෙන DreamMakers Foundation පොත් කට්ටලය ඔබේ බොහෝ ගැටළු සඳහා විසඳුම වනු ඇත. අදම කෙටි ගවේෂණයක් තුලින් මුල්‍ය ස්වාධීනත්වය කරා ඔබේ ගමන ආරම්භ කරන්න.

BOOK BUNDLE 02

  • මිතුරන් ඇසුරු කිරීමේ කලාව – How to Win Friends & Influence Peopleනිසුන් සමඟ ගනුදෙනු කරනා විට, අප තර්කානුකුල ජීවින් සමඟ ගනුදෙනු නොකරන බව මතක තබා ගනිමු. අප කටයුතු කරන්නේ හැගීම් දැනීම් ඇති, අගතියෙන් මිරිකී සිටින, උඩඟකමින් පිරි ජීවින් සමඟයි.පෞද්ගලිකව මම ස්ට්‍රෝබෙරි සහ අයිස්ක්‍රීම් වලට බෙහෙවින් ප්‍රිය කරමි. නමුත් කිසියම් අමුතු හේතුවක් නිසා මාළුවන් පණුවන්ට වැඩි කැමැත්තක් දක්වන බව මට පෙනී ගියේය. ඒ නිසා මම මාළු අල්ලන්න ගියාම, මට අවශ්‍ය දේ ගැන හිතුවේ නෑ… මම හිතුව එයාලට ඕන දේ ගැන…ඒ හින්ද ස්ට්‍රෝබෙරි සහ අයිස්ක්‍රීම් වලින් ඇමක් දමනවා වෙනුවට මම මාළුන් ඉදිරිපිට පනුවෙකු හෝ පළගැටියෙකු එල්ලා මාළුන්ගෙන් ඇසුවා…ඔබ මෙය ලබා ගැනීමට කැමති නැද්ද ?මතක තබා ගන්න.. ව්‍යාපාර , රැකියා , ආයෝජන හෝ මොනයම් කටයුත්තකදී වුවද අපට ගනුදෙනු කිරීමට සිදුවන්නේ මිනිසුන් සමගය. ඉතින් ඔවුන් ගැන ඉගෙන ගන්න…
  • අසිරිමත් පුරුදු – The Atomic Habitsඔබ මැනිය හැකි ඉලක්ක තබා ගන්නා සෑම විටකදීම ඔබ පටු දෘෂ්ඨියකින් ජීවන ක්‍රීඩාවේ යෙදෙන අතර එය ඔබට නම්‍යශීලී වීමට ඉඩ නොදේ. එලෙස ඔබ සාක්ෂාත් කර ගන්නා ඉලක්ක ඇතැම් විට ඔබට හානිකර ද විය හැක. හිතන්න ඔබේ ජීවිතයේ එකම අරමුණ නිවසක් සෑදීම කියලා. එය හොද ඉලක්කයක්. මොකද මට තමන්ගේ මුළු හීනෙම ත්‍රී රෝද රථයක් මිලදී ගැනීම බව ඇතැමුන් කියල තියනවා. නමුත් ඔබ නිවසක් සෑදීම යන අරමුණේදී එයට දින 364 ක් ගත වෙනවා යැයි අපි උපකල්පනය කළහොත් ඔබ 365 වන දිනයේදී කරන්නේ කුමක්ද ? ඔබ කිසි අරමුණක් නැති මිනිහෙක්. හොදින් සොයා බලන්න. ඉලක්කයක් කරා ළඟා වූ පසු මිනිසුන් බොහෝ විට නරක පුරුදුවලට වැටෙන්නේ එබැවිනි. මන්ද ඔවුන්ට එතනින් එහා ඉලක්කයක් නොමැති බැවිනි. මුදල්… මුදල් වලින් පසු බලය… බලය අත්පත් කරගත් පසු කුමක්ද? අද කිලෝ 100 ක් ඔසවනවා යන්න වෙනුවට තමන් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු වෙනවා යන්න සිතන්න. මිලියනයක් හොයනවා යන ඉලක්කය අතහැර ස්ථාවර දිවිපෙවතක් ගතකරනවා යන්න සිතන්න. ඒ වෙනුවෙන් සිහින දකින්න.
  • මුදල් නම් සේවකයා – Rich Dad Poor Dadබොහෝ අය ඕනෑවට වඩා අවධානය යොමු කරන්නේ මුදල් කෙරෙහි මිස ඔවුන්ගේ ලොකුම ධනය වන දැනුම හෙවත් ඔවුන්ගේ මුදල් උත්පාදනය කිරීමේ ක්‍රම කෙරෙහි නොවන බව දැන මම කනස්සල්ලට පත්ව සිටිමි. මිනිසුන් නම්‍යශීලී වීමට, විවෘත මනසක් තබාගෙන ඉගෙනීමට සුදානම් නම්, ඔවුන් නිසැක වශයෙන්ම තම වෙනස්කම් හරහා පොහොසත් වනු ඇත. සල්ලි ප්‍රශ්න විසඳයි කියල මිනිස්සු හිතනවා නම් මට බයයි. මොකද ඒ මිනිස්සුන්ට සෑහෙන්න වැරදිලා. ඔබේ බුද්ධිය තමයි ගැටළු විසඳලා මුදල් නිෂ්පාදනය කරන්නේ.. නිසි මුල්‍ය බුද්ධියෙන් තොර මුදල් බොහෝ ඉක්මනින් නැති වී යයි.
  • රුපියලේ චින්තනය – The Psychology of Moneyඔබට අන් අයගේ ගෞරවයට සහ ප්‍රශංසාවට ලක් වීමට සියුම් හෝ ආශාවක් ඇත. කිසිවෙකුට ‘නෑ එක එහෙම නෙමෙයි’ කිව නොහැකිය. නමුත් මේ පොත ඔබට උගන්වන්නේ එලෙස අන් අයගේ ගෞරවයට සහ ප්‍රශංසාවට ලක් වීමට ඔබ විසිතුරු භාණ්ඩ මිලදී ගනිමින් නිතර මුදල් වියදම් කිරීමට වඩා නිහතමානීකම , කරුණාව සහ ආදරය ප්‍රගුණ කල යුතු බවයි. ලොව ඉදිරියේදී බිහිවන වැඩිම අශ්වබල ශක්තියක් ඇති මෝටර් රථයට වඩා අසීමිත බලයකින් එය ඔබට ගෞරවය සහ ප්‍රශංසාව අත් කර දෙයි. වෙනත් වචන වලින් කිවහොත්, අප ධනවත් බවත්, මිනිසුන් අපව අගය කල යුතු බවත් අප සංඥා කර හගවන විට, ඇත්ත වශයෙන්ම සිදු වන්නේ වස්තුව සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයා නොසලකා හැර මිනිසුන් ඔහු සතු දෙයට පමණක් ඊර්ෂ්‍යාවේ අවදානය යොමු කිරීමයි.
  • මුල්‍ය නිදහස අත්කරගනිමු – The Cashflow Quadrantsමිනිසුන් සිතන්නේ මුදල් ඉපයීමට වෙහෙස මහන්සි වී කටයුතු කිරී⁣මෙන් සහ තමන් පොහොසත් බව සමාජයට දිස්වන මිලදී ගැනීම් කිරී⁣මෙන් තමන්ට ධනවත් විය හැකි බවයි. නමුත් එය සැබෑවක් නොවන අතර එය ඔබව වෙහෙසට පත් කරයි. සැබෑ සාර්ථකත්වයේ නැවුම් වාතය ආශ්වාස කිරීමට ඇති එකම මාර්ගය මුල්‍ය සාක්ෂරතාවය නම් විෂය තුල කර ගැනීමයි. 21 වන ශතවර්ශයේ සාක්ෂරතාවය අතින් ඉදිරි⁣යෙන් සිටියද “මුලය සාක්ෂරතාවය” අතින් සිටින්නේ ඉතාමත් පහත් මට්ටමකය. එය ඉගෙනීම යුගයේ අවශ්‍යතාවයක් ⁣වන අතර, විශ්වාසයෙන් තම සිහින ඔස්සේ ඉදිරියටම ගමන් කලහොත් ඔවුන් බලාපො⁣රොත්තු වන සුවදායක ජීවිතය ඔවුනට අත්වනු නොඅනුමානය. ඔබ වැඩි වැඩියෙන් පැය ගණනක් වැඩ කරන්නේ කිසිදු ප්‍රතිඵලයක් නොමැතිවද? එසේනම් මොහොතකට නතර වන්න. යම් තැනක වරදක් තිබිය යුතුමයි. අපි කතා කරමු..

BOOK BUNDLE 02

  • සුපිරි ආදායම – The Power of Passive Incomeවසරක කාලය ගත් කල සියලුම ලාංකිකයින් වෙනත් ඕනෑම ක්‍රියාකාරකමකට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කාලය වැය කර ඇත. මෙම වසර තුල ඔබ ඔබේ පවුලේ අය සමඟ මුහුදු වෙරළේ දවසක් ගත කළා විය හැකිය. නැතහොත් ඔබට සති දෙකක නිවාඩුවක් ගත කළා විය හැකිය. නමුත් ඔබේ ජීවිතයේ සමස්ත සන්දර්භය තුළ මේ සියල්ල අතුරු කතන්දර පමණි. සමස්තයක් වශයෙන් ගත් කල, දවසින් දවස, මාසයෙන් මාසය, මිනිසුන් තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කරති.
  • ධනවත් සිතුවිලි Part 01 – Think and Grow Richඔබට හොද පරිකල්පන ශක්තියක් තිබේ නම් සහ ඔබ ඔබේ පුද්ගලික ව්‍යාපාරය සඳහා වඩාත් ලාභදායී තෝතැන්නක් සොයන්නේ නම්, මෙම යෝජනාව ඒ ඔබ සෙවූ උත්තේජනය විය හැකිය. වසර ගණනාවක් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම අවශ්‍ය වන “සාමාන්‍ය” වෛද්‍යවරයා, නීතිඥයෙකු හෝ ඉංජිනේරුවෙකුගේ ආදායමට වඩා විශාල ආදායමක් ලබා දීමට යමෙකුගේ “අදහස” හට හැකියාව ඇත. නව තනතුරු අපේක්ෂා කරන අයට, කළමනාකරණ හෝ විධායක මට්ටමේ සහ ඔවුන්ගේ වර්තමාන තනතුරු තුළ නිර්මාණශීලී ආදායම් එක්රැස් කිරීමට කැමති ඕනෑම අයෙකුට මෙම “අදහස” හි බලය පරීක්ෂා කල හැකිය.
  • ධනවත් සිතුවිලි – Part 02මිනිස් මනස යනු ශක්තියේ එක් ආකාරයකි. එබැවින් මිනිසුන් දෙදෙනෙකු යනු එවැනි ශක්තීන් දෙකකි. අධ්‍යාත්මයන් දෙකකි. පුද්ගලයන් දෙදෙනෙකුගේ මනස එක් ගමනාන්තයක් වෙනුවෙන් නිසි ලෙස සම්බන්ධීකරණය කළහොත් එය විශාල අධ්‍යාත්මීය ශක්තියක් බවට පරිවර්තනය වේ. මතක තබා ගන්න. සාර්ථකත්වයේ ගීතිකාව එහි ප්‍රබල නාදය නිර්මාණය කරන්නේ සිතුවිලි නම් ගායනය සහ ක්‍රියාව නම් වාද්‍ය වෘන්දය හරහා ය. උත්සාහයේ සුසංයෝගී සම්බන්ධීකරණය ඔබේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබව පොලඹවන බලගැන්වීමේ ගමනක් ආරම්භ කිරීමට ඔබ සූදානම් විය යුතුය.
  • මිලියනපති වේග තීරුව – The millionaire Fast Laneපදික වේදිකාවේ දුප්පත් මෙන්ම පොහොසත් අයද සිටී. ඒ දෙපිරිසටම එකම ආකාරයේ ගැටළු ඇති නමුත් මිනිසුන් ලෙස අප විවිධ දර්ශන අනුගමනය කරනා බැවින් ඔවුනොවුන් තවදුරටත් පදික වේදිකාවේ සිරවී සිටිනවාද නැතිනම් වෙනත් තීරුවකට මාරු වෙනවාද යන්න තීරණය වේ. ඇතැමුන් ජීවිතයෙන් පාඩම් ඉගෙන ගනී. ඔවුන් තීරුව වෙනස් කරයි. ඇතැමුන් අනුන් වැරදි නිසා තමන් මෙලෙස පීඩාවට ලක්ව ඇති බවට මැසිවිලි නගයි. ඔවුන් සදාකාලික පදිකයන්ය. ඔවුන් මියගියද, එවිට හෝ යතාර්ථය තේරුම් නොගනී. මතක තබා ගන්න. දුර්වල මුල්‍ය කළමනාකරණයට වැඩිපුර මුදල් කිසිවිටෙකත් සහනයක් සපයන්නේ නැත.
  • සිහින මවන්න – The Young Money Bookමෙම මූල්‍ය සාක්ෂරතාව නම් විෂය ඉගෙන ගැනීමේදී කෙතරම් කරුණු ඔබ ඔබේ මල්ලට දමා ගත්තද, ඔබට තමාව පාලනය කර ගත නොහැකි නම් ඔබ අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. හොදටම මාර්කටින් වල යෙදෙන ආයතන වල නිෂ්පාදන නිදසුනක් ලෙස ගන්න. අප ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නේ නම් අපටද සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටිය හැකි බවට ව්‍යංගයෙන් තහවුරු කර ඒවා ඉදිරිපත් කර ඇත. ඒවාහි සතුටින් සිටින පවුල්, දරුවන් මෙන්ම ප්‍රීතිමත් අවස්ථාද එමටය.. ඔබ වැඩිහිටියෙක් ලෙස මෙම බොරුවෙන් මිදී තම දරුවන්ටද මෙය පහදා දිය යුතු කාලය පැමිණ ඇත.

Additional information

reviews

Customer reviews

0.00
Based on 0 review
5
0%
4
0%
3
0%
2
0%
1
0%

Give your recommendations

Your email address will not be published. Required fields are marked *

  • Home
  • Buy Books
  • eBooks
  • Blog
  • About Us
  • Contact Us