මිනිසුන් සමඟ ගනුදෙනු කරනා විට, අප තර්කානුකුල ජීවින් සමඟ ගනුදෙනු නොකරන බව මතක තබා ගනිමු. අප කටයුතු කරන්නේ හැගීම් දැනීම් ඇති, අගතියෙන් මිරිකී සිටින, උඩඟකමින් පිරි ජීවින් සමඟයි.
ඔබට අන් අයගේ ගෞරවයට සහ ප්‍රශංසාවට ලක් වීමට සියුම් හෝ ආශාවක් ඇත. කිසිවෙකුට ‘නෑ එක එහෙම නෙමෙයි’ කිව නොහැකිය. නමුත් මේ පොත ඔබට උගන්වන්නේ එලෙස අන් අයගේ ගෞරවයට සහ ප්‍රශංසාවට ලක් වීමට ඔබ විසිතුරු භාණ්ඩ මිලදී ගනිමින් නිතර මුදල් වියදම් කිරීමට වඩා නිහතමානීකම
මිනිසුන් සිතන්නේ මුදල් ඉපයීමට වෙහෙස මහන්සි වී කටයුතු කිරීමෙන් සහ තමන් පොහොසත් බව සමාජයට දිස්වන මිලදී ගැනීම් කිරීමෙන් තමන්ට ධනවත් විය හැකි බවයි. නමුත් එය සැබෑවක් නොවන අතර එය ඔබව වෙහෙසට පත් කරයි.
බොහෝ අය ඕනෑවට වඩා අවධානය යොමු කරන්නේ මුදල් කෙරෙහි මිස ඔවුන්ගේ ලොකුම ධනය වන දැනුම හෙවත් ඔවුන්ගේ මුදල් උත්පාදනය කිරීමේ ක්‍රම කෙරෙහි නොවන බව දැන මම කනස්සල්ලට පත්ව සිටිමි.
ඔබ මැනිය හැකි ඉලක්ක තබා ගන්නා සෑම විටකදීම ඔබ පටු දෘෂ්ඨියකින් ජීවන ක්‍රීඩාවේ යෙදෙන අතර එය ඔබට නම්‍යශීලී වීමට ඉඩ නොදේ. එලෙස ඔබ සාක්ෂාත් කර ගන්නා ඉලක්ක ඇතැම් විට ඔබට හානිකර ද විය හැක.
ඔබට හොද පරිකල්පන ශක්තියක් තිබේ නම් සහ ඔබ ඔබේ පුද්ගලික ව්‍යාපාරය සඳහා වඩාත් ලාභදායී තෝතැන්නක් සොයන්නේ නම්, මෙම යෝජනාව ඒ ඔබ සෙවූ උත්තේජනය විය හැකිය. වසර ගණනාවක් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම අවශ්‍ය වන “සාමාන්‍ය” වෛද්‍යවරයා, නීතිඥයෙකු හෝ ඉංජිනේරුවෙකුගේ ආදායමට වඩා විශාල ආදායමක් ලබා දීමට යමෙකුගේ “අදහස” හට හැකියාව ඇත. නව තනතුරු අපේක්ෂා කරන අයට, කළමනාකරණ හෝ විධායක මට්ටමේ සහ ඔවුන්ගේ වර්තමාන තනතුරු තුළ නිර්මාණශීලී ආදායම් එක්රැස් කිරීමට කැමති ඕනෑම අයෙකුට මෙම “අදහස” හි බලය පරීක්ෂා කල හැකිය.
මිනිස් මනස යනු ශක්තියේ එක් ආකාරයකි. එබැවින් මිනිසුන් දෙදෙනෙකු යනු එවැනි ශක්තීන් දෙකකි. අධ්‍යාත්මයන් දෙකකි. පුද්ගලයන් දෙදෙනෙකුගේ මනස එක් ගමනාන්තයක් වෙනුවෙන් නිසි ලෙස සම්බන්ධීකරණය කළහොත් එය විශාල අධ්‍යාත්මීය ශක්තියක් බවට පරිවර්තනය වේ. මතක තබා ගන්න. සාර්ථකත්වයේ ගීතිකාව එහි ප්‍රබල නාදය නිර්මාණය කරන්නේ සිතුවිලි නම් ගායනය සහ ක්‍රියාව නම් වාද්‍ය වෘන්දය හරහා ය. උත්සාහයේ සුසංයෝගී සම්බන්ධීකරණය ඔබේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබව පොලඹවන බලගැන්වීමේ ගමනක් ආරම්භ කිරීමට ඔබ සූදානම් විය යුතුය.
පදික වේදිකාවේ දුප්පත් මෙන්ම පොහොසත් අයද සිටී. ඒ දෙපිරිසටම එකම ආකාරයේ ගැටළු ඇති නමුත් මිනිසුන් ලෙස අප විවිධ දර්ශන අනුගමනය කරනා බැවින් ඔවුනොවුන් තවදුරටත් පදික වේදිකාවේ සිරවී සිටිනවාද නැතිනම් වෙනත් තීරුවකට මාරු වෙනවාද යන්න තීරණය වේ. ඇතැමුන් ජීවිතයෙන් පාඩම් ඉගෙන ගනී. ඔවුන් තීරුව වෙනස් කරයි. ඇතැමුන් අනුන් වැරදි නිසා තමන් මෙලෙස පීඩාවට ලක්ව ඇති බවට මැසිවිලි නගයි. ඔවුන් සදාකාලික පදිකයන්ය. ඔවුන් මියගියද, එවිට හෝ යතාර්ථය තේරුම් නොගනී. මතක තබා ගන්න. දුර්වල මුල්‍ය කළමනාකරණයට වැඩිපුර මුදල් කිසිවිටෙකත් සහනයක් සපයන්නේ නැත.
වසරක කාලය ගත් කල සියලුම ලාංකිකයින් වෙනත් ඕනෑම ක්‍රියාකාරකමකට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට කාලය වැය කර ඇත. මෙම වසර තුල ඔබ ඔබේ පවුලේ අය සමඟ මුහුදු වෙරළේ දවසක් ගත කළා විය හැකිය. නැතහොත් ඔබට සති දෙකක නිවාඩුවක් ගත කළා විය හැකිය. නමුත් ඔබේ ජීවිතයේ සමස්ත සන්දර්භය තුළ මේ සියල්ල අතුරු කතන්දර පමණි. සමස්තයක් වශයෙන් ගත් කල, දවසින් දවස, මාසයෙන් මාසය, මිනිසුන් තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කරති.
මෙම මූල්‍ය සාක්ෂරතාව නම් විෂය ඉගෙන ගැනීමේදී කෙතරම් කරුණු ඔබ ඔබේ මල්ලට දමා ගත්තද, ඔබට තමාව පාලනය කර ගත නොහැකි නම් ඔබ අසාර්ථක වීමට බොහෝ ඉඩ ඇත. හොදටම මාර්කටින් වල යෙදෙන ආයතන වල නිෂ්පාදන නිදසුනක් ලෙස ගන්න. අප ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නේ නම් අපටද සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව සිටිය හැකි බවට ව්‍යංගයෙන් තහවුරු කර ඒවා ඉදිරිපත් කර ඇත. ඒවාහි සතුටින් සිටින පවුල්, දරුවන් මෙන්ම ප්‍රීතිමත් අවස්ථාද එමටය.. ඔබ වැඩිහිටියෙක් ලෙස මෙම බොරුවෙන් මිදී තම දරුවන්ටද මෙය පහදා දිය යුතු කාලය පැමිණ ඇත.
Empowering Sri Lanka with essential financial literacy and education since 2018, fostering a financially smart generation.